අයිස් ක්‍රීම් වල ප්‍රධාන වශයෙන් අඩoගුවෙන්නෙ කිරි සහ සීනි.ඊට අමතරව එක් එක් රස වල රසකාරක ආදිය භාවිතාවෙනව. මගේ ලොකු අම්මා ගෙදරදීම අයිස් ක්‍රීම් හදන්න පුරුදුවෙලා හිටිය. මටනම් ඔය සාස්තරේ ඉගනගන්න බැරි උනා. දැන් උනත් අහගන හදන්න හිතෙන්නෙ නැත්තෙ ඉතා ලාබෙට පහසුවෙන් අයිස් ක්‍රීම් මිලදී ගන්න තියෙන නිසයි. කාලෙකට ඉහත හරිම සද්දෙට සංගීත හඬකුත් එක්ක වෝල්ස් වෙලෙන්දො හැම තැනම ගියා. අපේ සුදු පුංචි ඒ වෝල්ස් අයිස් ක්‍රීම් රුසියෙක්. ඒ බව දන්න අපි ඒ සද්දෙ ඇහෙනකොටම එයාගාවට දුවගන ගිහින් අයිස් ක්‍රීම් මිලදීගන්න උනන්දු කරනව.
Monday, June 25, 2012
හිම කිරම

Saturday, June 9, 2012
රෝස කැළේට අවුරුද්දයි !!!!
මීට හරියටම අවුරුද්දකට කලියෙන් තමා මම මේ පුංචි රෝස කැළේ වවන්න ගත්තෙ. අද එයාගෙ අවුරුද්දෙ උපන්දිනේ. මගේ පුංචි බ්ලොග් එක බ්ලොග් පෝස්ට් මහා ගොඩකින් සරසන්න මට පහුගිය අවුරුද්දෙ බැරි උනත් අවුරුද්දක් තිස්සෙ මගෙ බෝරින්ග් කතා අහගන හිටපු හැමෝටම ගොඩාක් ස්තූතියි. ඉතින් මේ රෝසමල් අවුරුද්දක් මා එක්ක රැඳුනු, මාව දිරි ගන්වපු ඒ වගේම රෝස කැළේට මම මාස ගනන් නෑවිදින් ඉන්න කොට ඒක බලා ගත්තු ඔයාල හැමෝටම .....
Monday, June 4, 2012
රැජිනගේ ඉංග්‍රීසි හා යැංකි ඉංග්‍රීසි.
මගේ
ඥාති සහෝදරයන්ට හරියට මිත්රයො හිටිය හැබැයි ඉතින් ඔය ගොඩක් යාළුවන්ට මෙයාල කතාකලෙ ඉස්ස, පොකිරිස්ස, වොචා, කේටුව වගේ හරිම ස්වීට් පෙට් නේම්ස් වලින්.අපිත් ඉතින් ඔය ළමයින්ව දන්නෙ ඔය කියන පෙට් නේම්ස් වලින්. ඇත්ත නම්නම් කවදාවත් ඇහිල නැති තරම්. ඉතින් ඔය නම් දාන්නෙත් නිකන්ම නෙමේ . ඔය නම් වලට නිදාන කතාත් තියනව. ඔන්න ඔය විදියට ඔය යාළුවො අතර හිටිය "කනව්ව " කියල ළමයෙක්. ඉතින් ඔය නම වැටිල තියෙන්නෙ මෙන්න මෙහෙමයි.
ඉංග්රීසි උගන්වන්න පන්තියට ආපු ගුරුතුමී දැන් එක එක ළමයගෙන් පුන්චි පුන්චි ප්‍රශ්ණ අහනවළු.
ටීචර්- ආ ඔය ලමය කියන්න බලන්න "Now" කියන්නෙ මොකක්ද?
ළමයා-
නව්
ටීචර්
- එහෙනම් කියන්න බලන්න කියන්න "Know" මොකක්ද?
ළමයා-
කනව්
මේ දෙවන සිද්දිය උනේනම් විශ්ව විද්‍යාලෙක. කැම්පස් එකේ හිටියළු බොහොම ඉංග්‍රීසි පන්නෙට හදුන සින්හල පටල පටල කතාකරන ගෑණු ළමයෙක්. මේ ඇත්තිත් ඉතින් යන්නෙ අඩියක් දෙකක් උඩින් ලු. ඉතින් ඔය හැසිරීම පිරිමි ළමයින්ට එහෙම අල්ලන්නෙම නෑලු. ඉතින් දවසක් ඔය විදියට මොනව හරි දෙයක් සම්බන්දයෙන් පිරිමි ළමයෙකුයි මේ ගෑණු ළමයයි විවාද කරනවලු. සින්හල ඉංග්‍රීසි කලවම් කරමින් වාද කරපු මේ ගෑණු ළමය ඔය වාදෙ කොටසකදි "How come ? " කිව්වලු. එතකොට අර පිරිමි ළමය ගත් කටටම කිව්වලු "මම අද නම් ආවෙ බස් එකේ" කියල.
අනේ ඉතින් වීරය වගේ මේ කතා දෙක කිව්වට මොකද රෝස කුමාරිගෙ එකම ප්‍රාර්ථනාවනම් මේ සිද්දියට අදාල ඇත්තො සිංහල බ්ලොග් කියන්නෙ මොනාද කියලවත් දන්නෙ නැති වෙන්න කියල. මේක ඒ ඇත්තො කියෙව්වොත් රෝස කුමාරි ඉවරයි.
රෝස කුමාරිට මේ ඉංග්‍රීසි කතා මතක් උනේ Analyzing Paper එකක් ලියල ,එකේ සහර වචනවලට ඉරි ඇදල තිබුන දැක්කම. අපි ලංකාවෙ ඉගන ගන්න British English සහ American English අතර කුඩා වෙනස්කම් තියනව.අක්ෂර වින්‍යාස වෙනස් කම් තමයි වැඩිපුර තියෙන්නෙ. මගෙ Paper එකේ ඉරි තිබුනෙත් ඔය වගේ අක්ෂර වින්‍යාස වෙනස්කම් වලට. ඒ වගේම Past tense වලත් වෙනස් කම් තියනව.උදාහරණයක් විදියට මෙහේ Learnt වෙනුවට භාවිතාවෙන්නෙ Learned.
රෝස කුමාරිටත් ලගදි හොඳ වැඩක් උනා. රෝස කුමාරි ගෙදරත් එක්ක ගුවන් ගමන් මාර්ග ගැන කතාව.
රෝස කුමාරි- දිස් රෞට් (Route) ඊස් චීප්.. අපි මේක බලමු
අම්ම- රෞට්???? රූට් ළමයො. (භයෙන් ත්‍රස්ථ වූ හඩින්)
රෝස කුමාරි - අහ් !!!!
හී හී හී ....මෙහේ රූට් වෙනුවට භාවිතාවෙන්නෙ රෞට් කියල දැන් අපිත් ඒ වචන පාවිච්චියට පුරුදු වෙලා. බ්‍රිතාන්‍යය ඉංග්‍රීසි පාවිච්චිකරන ලංකාවෙ අය ඒ විදියෙ වචනයක් ඇහුනම කලබල වෙන එක පුදුමයක් නෑ.අපේ අම්මට කාරණාව පැහැදිලි කරාම කිව්වෙ" මම මේ බැළුව පොඩි කාලෙ ඉදන් උගන්නල මේ ළමය මේ මොනා කියනවද කියල"
ඒ වගේම මෙහෙ "ටෙක් අවේ" වෙනුවට භාවිතා වෙන්නෙ "ටු ගෝ "කියල.
මීට අමතරව අපි ඉංග්‍රීසි භාවිතයෙදි කරන සමහර වැරදි තියනව.
ගෘහ භාණ්ඩයකට අපි furniture කියනවනෙ එහි බහු වචනයත් furniture මිස furnitures නෙමෙයි.
මේ වැරැද්දනම් ගොඩ්ඩක් අයට සිද්ද වෙන වැරැද්දක්. බල පත්‍රය කියන වචනයේ ඉංග්‍රීසි පදය විය යුත්තේ "license" (ලයිසන්ස්) කියන එක. ලයිසන් කියන වචන වැරදියි. එහි බහු වචනය "licenses" (ලයිසන්සස්) විය යුතුයි.
මේ මට මතකෙට ආපු කීපයක්. ඔයාලටත් මේවගේ වචන මතක්වෙනවනම් දාන්න කමෙන්ට් එකක ලියන්න.

Subscribe to:
Posts (Atom)