Thursday, August 20, 2026

අයිස් කුට්ටියක් උඩ - The Tip Of The Iceberg

 


"නරක් වෙලා"
උගුල්ලපු දත
හරව හරවා බලනවා
දොස්තර
කීපවරක්ම ඔහුම පුරවපු
දත...

සයුරේ පාවෙන
අයිස් කුට්ටියක
දිය යට වෙත්ද කොච්චර
සඟවා ගෙන
බැලන්ස් කරන
කැප්ටන්!


ලුණු ඇබින්දක් ලෙස කොමාවක් ","
අවශ්‍ය තැන්වලදී එකතු කරගන්න


2 comments:

  1. ඒක නම් පට්ටයි ඩීන් අයියා. සීන් දෙක තුනක් හිතට එනවා.

    ReplyDelete
    Replies
    1. එහෙම නම් සතුටුයි, ඒවා ගැන ලිව්වා නම්!
      බොහෝම ස්තුතියි සටහනට.

      Delete

Featured Post

ජීවිතය හීයකි - Arrow

  ජීවිතය හීයකි බලාපොරොත්තුවෙ ඉලක්කය වෙත  ඇදී යන හී හිසට ජවය, රුකුල දණ්ඩම ලබා දියයුතු ජීවිතය හීයකි ඈත මෑත  ඉලක්කය ගෙන සීරුවෙන් විදින, ඉලක්කය ...

Popular Posts