ඒ එක ක්‍රියාකාර කමක් මෙන්න මේ විදියයි. එයාල අපිව කණ්ඩායම් වලට වෙන්කරල
නායකයො පත් කලා. ඊළගට අපිට බීම බට වගයක් හා ඇල්පෙනිති ලබාදීල කිව්ව කැමති
නිර්මාණයක් නියමිත වෙලාවට කරල පෙන්නන්න කියල. අපි තීරනය කලේ ගෙයක් නිර්මාණය
කරන්න. අපේ කණ්ඩායමේ නායිකාවගෙ වැඩේම අනේ ඔයාලගෙ අතේ ඇනෙයි ඔය ඇල්පෙනිති.
"පරිස්සමින්,ඔය බලන්න ඒක මලකඩ කාල ඒක අල්ලන්න එපා" කිය කිය වදයක් වෙන තරමට
කියවපු එක. ඉතින් අන්තිමේදි අපෙන් අපේ නායකයා කොහොමද කියල ඇහුව. කට්ටිය
දැන් එක එක ඒව කියනව. අපේ කණ්ඩායමේ අය කිව්ව "මෙයා නිකන් අපේ අම්ම වගේ අරම
වෙයි මෙහෙම වෙයි කිය කිය ඇල්පෙනිත්තවත් අල්ලන දෙන්නෙ නෑ" කියල. එක
කණ්ඩායමක ඇරෙන්න අනිත් කණ්ඩායම් වලත් තත්වෙ ඕකයි නායකයට බැනුම් . එක
කණ්ඩායමක නායකය කිසි දෙයක් කරක නතුව කයිය ගගහ ඉදල ,තව එකක නායකය තනියම වැඩේ
කරල අනිත් අයගෙන් උදව් නොගෙන .දරුණුම තත්වෙ තිබුනෙ ඉතිරි කණ්ඩායමේ. ඒකෙ
නායකය තනිකර ඕඩර්ස් දීල ඒ මදිවට් හෙන සද්දෙත් දානවලු. ඒ කණ්සායමේ සමහ අය
ඇඬුවත් එක්ක.
ඇත්තටම මෙන්න මේකයි වෙලා තියෙන්නෙ, ඒ ක්‍රියාකාරකම කරල තියෙන්නෙ අපිට
නායකයින් වර්ග පහ කියල දෙන්න.(අලස,මාතෘ/පීතෘ, ඒකාධිපති,අවිශ්වාසී හා
ප්‍රජාතන්ත්‍රවාදී) පුහුණු කණ්ඩායම කලින් කීපදෙනෙක් තොරගෙන ඒ අයට මේ ගැන
කියල දැනුවත් කරල තිබිල තියෙන්නෙ.ඒ හැමෝම කරල තියෙන්නෙ රඟපෑමක්. ඒ ගැන
දැනගත්තම වැඩියෙන්ම සතුටූඋනේ ඒකාධිපති නායකය හිටිය කණ්ඩායමේ අය. "අම්මෝ
ඇතියන්තම් අපි හිතුවෙ මෙයා එක්ක කොහොම එකට වැඩකරන්නඩ කියල" එහෙමයි එයාල
කිව්වෙ. මේ මුළු නාටකය පුරාම නොසැලුනු කෙනෙක් තමා මේ රෝස කුමාරි.(මං
කොහොමත් වීරයනෙ). මගේ ඥාති සොයුරියක් කලින් ඔය ශිෂ්‍යය නායක පට්ටමක් ලැබිල
මේ පුහුණුවට ඇවිත් තිබුන. ඈ ඉතින් අපිට A to Z වාර්ථාකරල තිබුනෙ. මම වගේම
තව කීපදෙනෙක් ඇවිත් හිටිය කලින් දැනුවත් වෙලා.පුහුණු කණ්ඩායමටත් මේ ගැන ඉව
වැටිල අපෙන් ඇහුව අපිත් ඉතින් ඇත්තම කිව්ව. ඊලඟට එයාල අපෙන් පොරොන්දුවක්
ගත්ත ඒ පුහුණුවෙ කෙරුනු ක්‍රියාකාරකම් කාටවත් කියන්නෙ නෑ කියල. මාත් ඉතින්
කිව්වෙ නෑ කාටවත්ම.මේ බ්ලොග් එකේ"ලිව්ව" ඇරෙන්න