BBC News, සිංහල - ප්‍රධාන පුවත්

ප්‍රධාන පුවත

  • එල්නිනෝ: කොළඹට නොදැනෙන මොනරාගලට දැනෙන  දරුණුතම නියඟය

    එල්නිනෝ: 'වැස්සේ නැත්නම් ඉතින් මේ අවුරුද්ද ජීවත් වෙන්න වෙන්නේ නෑ අපිට'

    "මේ නියඟය නම් දරුණුයි අපිට සෑහෙන්න, රෑට ඉන්නත් බැහැ, දවල්ට ඉන්ත් බැහැ කොහොමටවත් දෙයියනේ," යැයි මොනරාගල, කොටියාගල ප්‍රදේශයේ පදිංචි ඩී.එම්. කරුණාවතී බීබීසී සිංහල වෙත පැවසුවා ය. කරුණාවතී සහ පුංචිරාළ යුවළ පදිංචිව සිටින්නේ, මොනරාගල කොටියාගල කරකොළගස්පිටිය ප්‍රදේශයේ යි. දරුවන් 5 දෙනෙකුගේ මවක් වන ඇය දැන් දිවිගෙවන්නේ සිය ස්වාමිපුරුෂයා සහ අවිවාහක පුතු සමග යි.

  • කෙහෙල්බද්දර පද්මේ

    කෙහෙල්බද්දර පද්මේට එරෙහි නඩු විභාගයේදී අනාවරණය වූ කරුණු මොනවා ද?

    ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙනවිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා ගෙන සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන කෙහෙල්බද්දර පද්මේ හෙවත් මන්දිනු පද්මසිරි පෙරේරා නමැත්තා සැප්තැම්බර් 3 වන දා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේ ය.

  • Suresh Sallay

    සුරේෂ් සලේගේ චෝදනාවලට නීතිපති අධිකරණයේදී දැක්වූ ප්‍රතිචාර මොනවා ද?

    පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ අත්අඩංගුවට ගනු ලැබුවේ, සාධාරණ සැකයක් උද්ගත වීමෙන් පසුව බවත්, මෙම විමර්ශනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ශානි අබේසේකර ද්වේශසහගත ආකාරයෙන් කටයුතු කළ බවට එල්ල කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවත් නීතිපතිවරයා අද (අගෝ: 25) අභියාචනාධිකරණය හමුවේ ප්‍රකාශ කළේ ය.

  • තීන්ත කාන්දුව

    කොළඹ සහ ගම්පහ පැය ගණනක් වතුර කැපීමට හේතුවූ රසායනික ද්‍රව්‍ය කාන්දුව ගැන මේ තොරතුරු දැන සිටියා ද?

    පානීය ජලය සඳහා පිරිපහදු කිරීමට ගන්නා කැලණි ගඟෙහි ජලයේ ගුණාත්මකභාවය පිළිබඳව මතු වූ සැකයක් හේතුවෙන් සඳුදා (අගෝ: 24) රාත්‍රියේ සිට කොළඹ සහ ගම්පහ ප්‍රදේශවලට ජලය බෙදාහරින අඹතලේ සහ කැලණි දකුණ ඉවුර ජල පවිත්‍රාගාරවල ජල සැපයුම තාවකාලිකව අත්හිටුවනු ලැබ තිබිණි.

  • ත්‍රිරෝද රථ පෙළක්

    'ත්‍රිරෝද රථ රියැදුරු වයස් සීමාව': නලින් හේවගේ පැවසුවේ කුමක් ද? රියැදුරන් සහ ජනතාව කියන්නේ කුමක් ද?

    2018 වසරේ බලයට පත්වූ යහපාලන රජය ත්‍රිරෝද රථ රියැදුරන් සඳහා මගී ප්‍රවාහන සේවය සඳහා රියැදුරු බලපත්‍රය ලබාදීම සඳහා වයස අවුරුදු 35ක් දක්වා ඉහළ දමන බවට එවකට ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පැවසීය. කෙසේ වුව ද එවකට කැබිනට් මණ්ඩලය එම තීරණයට විරුද්ධ වීම හේතුවෙන් 2018 අගෝස්තු මස 21 වන දා ත්‍රිරෝද රථ රියැදුරන් සඳහා මගී ප්‍රවාහනය සඳහා රියැදුරු බලපත්‍ර නිකුත් කිරීමේ අවම වයස් සීමාව ඉවත් කිරීමට පියවර ගන්නා ලදී.

කෙටි වීඩියෝ මඟහරින්න සහ කරන්න

කෙටි වීඩියෝ

මෙහි කිසිවක් අඩංගු නැත.

  • මාංචු දැමූ සැකකරුවෙකු අධිකරණයට රැගෙන එයි.
  • ගුවන්යානයක් පෙරලී ඇති අයුරු පෙනේ.
  • රොබෝවරයෙක් උසේන් බෝල්ට්ගේ  වාර්තාව බිඳ දැමූ හැටි
  • ඉන්දියානු සභා විභාගයකට සුනඛයෙකු ලෙස සැරසී පැමිණි මිනිසෙක්
  • බදුල්ල රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයාගේ මළ සිරුර ලඳු කැළෑවකින් හමුවෙයි.
  • චාජ් වීමට දමා තිබූ වැකුම් ක්ලීනර් එකක් නිසා සිදු වූ දේ
  • Gen Z මත්පැන් වෙනුවට කාංසා ඖෂධ තෝරා ගන්නේ ඇයි?
  • මේක්අප් බෑගයක් මත ඉපදුණු පරවි පැටවුන් නිසා කතක් මුහුණ දුන් අත්දැකීම
  • මහලු අයට ප්‍රවේශමෙන් බිම වැටෙන්න උගන්වන 'පාකෝර්' පන්ති
  • ට්‍රැෆික් කෝන් එකක හිස සිර කරගත් හිම වලස් පැටවෙක්
  • එකම නිවසක ජීවත් වන 83 දෙනෙකුගෙන් යුත් අපූරු පවුල
  • ක්‍රිස්මස් දූපත් වැසියන් පුදුමයට පත් කළ SpaceX රොකට්ටුව

ශ්‍රී ලංකාව

BBC News සිංහල දැන් WhatsApp ඔස්සේ

ලෝකය

ඔබට ඩේටා ඉතුරු කර ගැනීමට අවශ්‍ය ද?

අවම ඩේටා ප්‍රමාණයකින් කියවිය හැකි අපගේ පෙළ පමණක් සහිත වෙබ් පිටුව කියවන්න

ක්‍රීඩා

සෞඛ්‍යය

වෘත්තීය සහ දිවිමග

වීඩියෝ

විශේෂාංග

  • නන්දා මාලිනී

    නන්දා මාලිනී: හඬ පෞරුෂයෙන් 'අරගලයක්' කළ සිංහල ගීතයේ යශෝරාවය

    1943 අගෝස්තු 23 වන දා කළුතර දිස්ත්‍රික්කයේ මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ලෙව්වන්දූව ග්‍රාමයේදී උපත ලැබූ ඇයට නම් තැබුවේ, මිරිහාන ආරච්චිගේ නන්දා මාලිනී පෙරේරා යනුවෙනි. ඇයගේ පියා වූ වින්සන්ට් පෙරේරා ඇඳුම් මසන්නෙකු වූ අතර මව වූ එමිලි පෙරේරා ගෘහණියක වූවා ය. දරුවන් 9 දෙනෙකුගෙන් යුත් පවුලේ සිව් වන දරුවා ලෙස නන්දා මාලිනී උපත ලැබුවා ය.

  • රඹුකන සිද්ධාර්ථ හිමි

    'ජීවිත තර්ජන තිබූ කපුගේ වැනි කලාකරුවන්ගේ ජීවිත රැක ගත්' සිංහල ගීත සාහිත්‍යයේ යතිවර සලකුණ, රඹුකන සිද්ධාර්ථ හිමි

    1950 වසරේ මැයි 22 වන දා උපත ලැබූ දරුවාට තැබූ ගිහි නම වූයේ, ආනන්ද ලියනගේ ය. ගාල්ල දිස්ත්‍රික්කයේ අතිශය දුෂ්කර ප්‍රදේශයක් වූ මොරවක, රඹුකන නම් ගම්මානයේ ඔහු හැදි වැඩිණි. 1950 වසරේ මැයි 22 වන දා වෙසක් පොහොය දිනය යෙදී තිබුණු හෙයින්, 'දරුවා මහණ කරන්නයි තියෙන්නේ' යනුවෙන් රෝහලේ සිටි හෙදියක සරදමට මෙන් ඔහුගේ දෙමාපියන්ට පවසා ඇතැයි පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන් පසුකලෙක පවසා තිබිණි.

  • කෙළවල්ලෙකුගේ ඡායාරූපයකි

    එල් නිනෝ නිසා ශ්‍රී ලංකා මුහුද වටා වන මත්ස්‍ය ගහන සිතියම වෙනස් වෙයි ද?

    ශ්‍රී ලංකාවේ සාගර මත්ස්‍ය අස්වැන්න ශීඝ්‍රයෙන් පහළ බසිමින් පවතින බව ධීවර ප්‍රජාව පවසති. මෙහි දැඩි ම බලපෑම එල්ල වී ඇත්තේ දින ගණනාවක් ගැඹුරු මුහුදේ ධීවර කටයුතුවල නිරත බහුදින ධීවරයින්ට ය. එල් නිනෝ තත්ත්වය මත්ස්‍ය ගහන සිතියමට බලපා ඇත්තේ කෙසේ ද?

  • පෞද්ගලික හා වෘත්තිය හේතු මත එම ධූරයෙන් ඉවත් වන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ හිටපු සභාපතිවරයා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් වෙත යොමු කරන ලද ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් කර තිබේ.

    'මිලියන ගාණක වැටුප අතහැර' ආණ්ඩුවේ සභාපති ධූරයක් ගත් බුද්ධික හේවාවසම් ඉල්ලා අස්වුණේ ඇයි?

    වත්මන් රජය බලයට පත්ව ගෙවී ගොස් ඇති වසර දෙකකට ආසන්න කාලය තුළ ඉල්ලා අස්වූ ආයතන ප්‍රධානීන් ලැයිස්තුවට තවත් සභාපතිවරයෙකු එකතු වී තිබේ. ඉල්ලා අස්වී ඇති නවතම සභාපතිවරයා වන්නේ, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) සභාපති ධූරයේ කටයුතු කළ බුද්ධික හේවාවසම් ය.

  • 
Indian ethnicity, lifestyle, girl, child, public park,

    ඔබේ දරුවා සෝෂල් මීඩියාවල 'ස්ටාර්' කෙනෙක් ද? නැත්නම් 'ගොදුරක්' ද?

    "අපේ පුතා කියන 'සත්‍ය බොහෝ ම කටුකයි' කියන වීඩියෝ එක වෛරල් යද්දී මම වයිෆ්ට කිව්වා මේක අපි අයින් කරමු කියලා. පස්සේ ඒ වීඩියෝ එක දැකලා පුතාගේ පෙරපාසල් ගුරුවරිය කතා කරලා කිව්වා ඒක අයින් කරන්න එපා කියලා. ඒ වගේ ම දරුවට දැන් මීඩියා ඉගෙන ගන්න අවස්ථාවකුත් ඒ නිසා ම ලැබිලා තියෙනවා," එම දරුවාගේ පියා බීබීසී සිංහල වෙත පැවසුවේ ය.

ජනප්‍රිය ලිපි